Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


මුළු රටම අනතුරේ - විපක්ෂ නායක හෙළි කරයි -  ආණ්ඩුවට දැනුම් දෙයි 


2026-05-21 1285

 

රට බේර ගත හැකි ක්‍රමය ගැනත් කියයි 

 

එදා වගේම අදත් කල් ඇතිවම කිව්වා 

 

කිරීම හෝ නොකිරීම ආණ්ඩුවේ වගකීමක් 

 

කළොත් රට ගොඩ නැති නම් කොට උඩ  

 

කරුණාකර ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ක්‍රියාත්මක වන පරිදි අනුප්‍රාප්තික IMF වැඩපිළිවෙළක් සඳහා යොමුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසිය.

පවති IMF වැඩසටහන 2027 මාර්තු අවසන් වන නිසා අපට ලැබෙන විස්තීරණ ණය පහසුකම් ඉවත් වන බවත් IMF එක අප රටට ඇ. ඩොලර් බිලියන 14.2ක් පවත්වාගත යුතු වුවත් අදට බිලියන 7ක් හෙවත් 50%ක් පමණක් ඇති බවත් මේ බිලියන 14.2 ගැනීමේ අවස්ථාව වන්නේ 0.01%ක් බැවින් අවසන් මොහොතේ රට අමාරුවේ වැටුණට පසු IMF ගිවිසුමකට යනවාට වඩා දැන්ම සිට IMF අනුප්‍රාප්තික වැඩසටහනක් කරා යන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
2027 සිට පොළියට අමතරව ණයත් ගෙවන්න වෙනවා

 

2027 සිට පොළියට අමතරව ණය ගෙවීමටත් ණය කන්දකට පිවිසීමකට සිදුවන නිසා නව ගිවිසුමක් කරා යා යුතු බවත් ඇ.ඩොලර් බි. 14.2ක් තිබිය යුතු වුවත් බි.7ක් ඇති බවත් ඒ අතර සැබැ අගය වන්නේ භාවිත කළ හැක්කේ බි. 7ට වඩා අඩු ප්‍රමාණයක් බවත් දැනට මාසෙකට මි.600 බැගින් එකතු කළ යුතු වුවත් මාසෙකට මි.60ක් පමණක් සොයන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 
ප්‍රශ්න ගොඩක් මැද රට ඉන්නේ

 

අද වන විට 92 පෙට්‍රල් 39%කින් වැඩි වී ඇති බවත් 2022 පෙට්‍රල් 470ක් වන විට අද 410ක් බවත් අප රට බරපතළ ගැටලුවකට මුහුණ දී බවත් 9.2%කින් රුපියල අවප්‍රමාණ වීම සංචාරක ආදායම 17% අඩුවීමත් විදේශ ප්‍රේෂණ බිලියන 8 ඉක්මවුවත් මින් 60%ක් මැදපෙරදිග රටවලින් එන බවත් යුද්ධය නිසා විරැකියාව වැඩි විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
මේ ණය කන්දක්

 

2027 ණය කන්දක් නිර්මාණය වන විට එයට මුහුණ දෙන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් IMF ප්‍රතිපාදන හා අධීක්ෂණ අහිමිව ණය සේවාකරණ චක්‍රයකට ඇතුලත් වන බවත් 2027 සිට වාර්ෂිකව පොලියට අමතරව ප්‍රාග්ධනය බි 3-4 ගෙවිය යුතු බවත් මේ රජය රට මර උගුලකට ගෙන යන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

 
ආයෙත් පොළිම් යුගයක් නම් එපා

 

මේ කාලය දීර්ඝ කර ගන්න සේම ලක්ෂ 220 ජනතාවට ආරක්ෂාව දී නව ගිවිසුම ශක්තිමත් ස්ථාවරයක සිට සාකච්ඡාවට යා හැකි බවත් ආර්ථික අර්බුදයක් නැති බව රජය කිව්වත් ඊයේ ⁣ඩොලරය 346ත් අද 354ක් බවත් මේ රටේ ජනතාව පොලිම්වල ඉන්නවට විපක්ෂය කැමති නැති බවත් ⁣ඖෂධ හිඟයක් පොහොර හිඟයක් එනවට කැමති නැති නිසා මේ ඇත්ත තේරුම් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
මහා ඛේදවාචකයක ආරම්භයක් 

 

මේ වන වි ඉන්ධන මිල වැඩිවන නිසා සංචිත ඒ සදහා යොදා ගැනීමට සිදුවන බවත් මේ නිසා ඩොලර් හිඟයක් ඇති වන බවත් ආනයන ආවරණය මාස තුනකට වඩා අඩුවන නිසා මහා ඛේදවාචකයක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
ජනතාවට ඇත්ත කියන්න

 

මේ වසරෙ ජනවාරි සිට මැයි දක්වා තෙල් මිල 39%කින් වැඩි වන විට 2022 මාර්තු ජුනි 44%කින් ද වැඩි වු බවත් තෙල් මිල 25%කින් ඉහළ යන විට ගෙවුම් ශේෂ ගැටලුවක් ඇති වන බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අගවන බවත් මේ අවස්ථාවේ ජනතාවට ඇත්ත කිව යුතු බවත් තෙල් බැරලයන් ඩොලර් 60-70 වුවහොත් අනතුරු අඩුවන නමුත් මේ වන විට110ට වඩා වැඩි නිසා විශාල අනතුරක් සංචිතවලට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
අපේ රේටීන් පහළ වැටෙන්න පුළුවන්

 

NDB බැංකුවේ රු. බි. 13.2 වංචාව, ණය ගෙවන්න ගිහින් ඩොලර් ලක්ෂ විසිපහක් නැති වීම, අස්වැසුම දෙපාරක් වැරදිලා දීම, තැපැලේ ගෙවීමක් නැති වීම, මහජන බැංකුවේ ගැටලු ආදී ප්‍රශ්න රැසක් වංචා රැසක් ඇති බවත් මේ නිසා රේටින්වලින් අප රට පහත වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Advertiesment